අපගේ පිටු අතරින්.........

2011/08/28

අපේ රට ගැන ටිකක්






 


පිහිටීම

ශ්‍රී ලංකාව (දෙමළ: இலங்கை ඉලං(ඞ්)ගෛ, ඉංග්‍රීසි:Sri Lanka) ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති ප්‍රධාන දූපතක් හා අවට පිහිටි කුඩා දූපත් කිහිපයකියන්ද විශාල සමුද්‍ර කලාපයකින්ද සමන්විත සෛවරීය රාජ්‍යයකි . එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" වර්තමානයේ රජයේ නිලනාමයවේ.
අතීතයේදී මෙය නිලවශයෙන් පහත හෙලංකා, ලංකා, සිංහලේ, සීලාන්, සිලෝන් යන නම්වලින් හඳුන්වා ඇත. සිව් හෙළය, හෙළය, තැප්‍රෝබේන්, තම්බපන්නි, සීලදීප, සෙරන්දිබ්, රත්නදීපඉන්දියන් සාගරයෙහි මුතු ඇටය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලි වලින්ද ශ්‍රී ලංකා හඳුනාගනු ලැබීය. දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි.


අගනුවර
එහි වානිජ්‍ය අග නගරය වන්නේ කොළඹ නගරයයි. සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් ආදී ජාතින් ජීවත් වන ලක්‌බිමේ ප්‍රධාන ආගම බුදු දහම වේ. පරිපාලන අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ. ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය ගොවිතැනය.


වර්ග ප්‍රමානය
  • ගොඩබිමි වර්ග ඵලය65525sq km
  • අභ්‍යන්තර මිරිදිය 1570 sq km
  • කරදිය ජල වර්ග ඵලය 487100 sq km
  • සමස්ථ වර්ග ඵලය 554200 sq km

ප්‍රාග් ඓතිහාසික යුගය

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අධ්‍යයනය කිරීමේ පහසු ව සඳහා පහත පරිදි යුග වලට බෙදා අධ්‍යයනය කරනු ලැබේ. පුරාශිලා යුගය මධ්‍යශිලා යුගය නවශිලා යුගය(?)
සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදිව් වසර 125,000 දක්වා ඈතට දිවයයි. ලංකා‍වේ වයඹදිග හා දිණිකොණදිග ප්‍රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප%දේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත.


ඓතිහාසික යුගය

ප්‍රථම නවීන අගනනුවර ලෙස අනුරාධපුරය සැලෙකන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.

යටත් විජිත යුගය

වර්ෂ 1505 දී පරංගි (Portuguese) ලංකාව ආක්‍රමණය කරන ලදී‍‍. පරංගින්ගේ මුලික අවශ්‍යතාව වූයේ ඔවූන්ගේ ආගම හා වෙළඳාම පැතිරවීමයි. පසුව ඕලන්ද (Dutch) හා ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන්ගේ ද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකාරයෙන් වූ තාඩන පීඩනයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය කරමින් එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙන ගියහ.

භාෂා

සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාවේ. ඉංග්‍රීසි පිළිගත් සමිබන්ධීකරණ භාෂාවයි. නිල තත්වයක් නොමැති වුවද මලයාලම්, වැදි බස, මැලේ ආදී භාෂා අදාල ජාතීන් භාවිතා කරයි.


ආගම්

  • බුද්ධාගම
  • හින්දු
  • රෝමානු කතෝලික
  • ක්‍රිස්තියානි
  • ඉස්ලාම්
  • පුරාණ හෙල ඇදහිලි

ප්‍රධාන දේශපාලන පක්‍ෂ

 තනි පක්‍ෂ

  • ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය
  • එක්සත් ජාතික පක්‍ෂය
  • ජනතා විමුකිති පෙරමුණ

හවුල් සංධාන

  • එක්සත් ජනතා නිදහස් සංධානය
  • එක්සත් ජාතික පෙරමුණ
  • ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය

අධ්‍යාපන
ශ්‍රී ලංකාවේ පැරණි අධ්‍යාපන සම්ප්‍රදාය,ක්‍රම ශිල්ප සහ ව්‍යුහය


දර්ශන අනුග්‍රහය විකිපීීඩියා

No comments:

Post a Comment